ETI ගණුදෙනුව ගැන මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්
Wednesday, 17 June 2020 - 8:04 | Views - 475
ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

ඔවුන් දෙදෙනා අද දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ.

මේ වනවිට ඊ.ටී.අයි. සමාගමේ සිදුවුණු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමද අදාළ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනවා.

බරපතල මූල්‍ය ගැටලුවලට මුහුණදී වත්කම් විකිණීමට සිදුවූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඞ් සමාගම සම්බන්ධයෙන් සිදුවුණු බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කොමිසමට බලය පැවරුණා.

එකී වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස්, ඊ.ඒ.පී බ්‍රෝඞ්කාස්ටින් කම්පැනි ලිමිටඞ් සහ එහි අනුබද්ධ සමාගම්, ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඞ් තියටර්ස් ලිමිටඞ් සහ එහි පාලිත සමාගම්, හොටෙල් සෆායර් පුද්ගලික සමාගම, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම සතු වෙනත් නිශ්චල වත්කම් ඇතුළත්.

මේ අතර, ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ වරෙන්තු නිකුත් කළා.

ඒ, ඊ.ටී.අයි තැන්පතුකරුවන් තුන්දෙනෙකු විසින් පවරා තිබූ නඩු විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top