වට්ස්ඇප් හරහා මුදල් ගෙවීමේ නව ක්‍රමවේදය බ්‍රසීලයෙන් ඇරඹෙයි
Tuesday, 16 June 2020 - 17:15 | Views - 629
ලොවපුරා සිටින බොහෝ ව්‍යාපාරිකයන්ට වට්ස්ඇප් ගිණුම භාවිත කරමින් මුදල් ගණුදෙනු කිරීමේ අවස්ථාව ඉදිරියේදී හිමිවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ ෆේස්බුක් සමාගම විසින් වට්සැප් ගිණුම් හරහා මුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසාදීම හේතුවෙන්.

එහි ප්‍රථම පියවර ලෙස මේ වනවිට ඔවුන් බ්‍රසීලයට මෙම නව මුදල් හුවමාරු ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

ෆේස්බුක් සමාගම පවසන්නේ යාවත්කාලීන කරන ලද නව වට්සැප් ගිණුම් හරහා මෙලෙස මුදල් ගනුදෙනු සිදුකළ හැකි බවයි.

ඉන්දියාවට පසුව මේ වනවිට වැඩිම වට්ස්ඇප් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින්නේ බ්‍රසීලය තුලයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් ලොවපුරා පවතින විවිධ සමාජ ජාල හරහා මුදල් හුවමාරු කිරීම ආරම්භ විය හැකි බවද ඔවුන් පවසනවා.

එය ගනුදෙනු කරුවන්ගේ ආරක්‍ෂිත භාවය වැඩිදුරටත් සුරක්ෂිත කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස බ්‍රසීලය තුළ වට්ස්ඇප් ගිණුම ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ එරට වෙසෙන මිලියන 10කට අධික කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර මෙම ක්‍රමවේදය ප්‍රචලිත කරවීමයි.

මෙම නව ක්‍රමවේදය භාවිත කරමින් තනි පුද්ගලයන් සඳහා නොමිලේ මුදල් හුවමාරු කළ හැකි අතර ව්‍යාපාරිකයන් සඳහා යම් මුදල් ගෙවීමකින් පසුව එම ගණුදෙනු සිදුකිරීමට හැකියාව පවතිනවා.

එහිදී ඇඟිලි සලකුණු ක්‍රමවේදය සහ කේත අංක භාවිත කරමින් මෙම ගණුදෙනුවල ආරක්‍ෂිත බව තවත් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top