අවුරුදු 42ක නරුමයෙක්, පහේ පන්තියේ දැරියකට කරපු අපරාධය
Tuesday, 16 June 2020 - 14:22 | Views - 404
වවුනියාව සෙට්ටිකුලම, වීරපුරම් ප්රදේශයේදී වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයකු වයස අවුරුදු දහයක පාසල් දැරියක අතවරයට ලක්කොට තිබෙනවා.
සැකකරු විසින් එම දැරියව වීරපුරම් ප්රදේශයේ කැලයකට ඇදගෙන ගොස් දූෂණය කොට ඇති අතර ඒ පිළිබඳව සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ සැකකරුව වීරපුම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේදී ඔහු සියදිවි හානි කරගැනීමට අවස්ථා දෙකක්ම උත්සාහ කොට තිබෙනවා.
සෙට්ටිකුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුව වවුනියාව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
(උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්.)
Share This Article