මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවේ
Tuesday, 16 June 2020 - 14:09 | Views - 441
ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර, සාකච්ජාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
එමෙන්ම, මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිසම පළමු වරට අද දහවල් රැස්වීමට නියමිතයි.
හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරන බවයි වාර්තා වන්නේ.
තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.
Share This Article