අවුරුදු 30ක අම්මා කෙනෙක් දරුවන් 11දෙනෙකු හැදු අපූරු කතාව
Tuesday, 16 June 2020 - 12:41 | Views - 5,065
දරුවන් 11 දෙනෙකුගේ යුත් අපූරු පවුලක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.‍ මෙම පවුල ජීවත් වන්නේ එංගලන්තයේ ඇස්පැට්‍රියා වලින්..
 
35 හැවිරිදි ජෝශප් සුටන් හා 30 හැවිරිදි නිකොල් ඔවුන්ගේ දෙමව්පියන් වන අතර ඔවුන්ට දියණියන් අට දෙනෙකු සහ පුතුන් තිදෙනෙකු වනවා.

මෙම යුවළ 2005 වසරේ දී එකිනෙකා දැන හඳුනාගෙන විවාහ දිවියට එළඹ ඇති අතර දැනට 14 හැවිරිදි වියේ පසුවන වැඩිමහල් දියණියගෙන් පසු දරුවන් දිගින් දිගටම පැමිණි බවයි ඔවුන් පවසන්නේ.
 
සාමාන්‍ය පවුලකට මෙන් ඔවුන්ට මෝටර් රථ ආදිය භාවිත කළ නොහැකි නිසාම ආසන 17කින් යුත් කුඩා බස් රථයක් ගමන් බිමන් සඳහා භාවිතා කරන බව දරුවන්ගේ පියා පවසනවා.
 
පසුගිය කාලය තුළ කොරෝනාවේ බලපෑමත් සමඟ ගෙවුණු කාලය ගැන, බිරිඳ නිකොල් මෙසේ පැවසුවා.
 
"අපිට ඒක පුරුදු අත්දැකීමක් නෙවෙයි. ගෙවල්වලින් එළියට යන්න හැකියාවක් ලැබුණේ නැති වුණත් අපි මතකයන් එකතු කරගත්තා. කිසි විටෙකත් කම්මැලිකමක් දැණුනේ නෑ.."
 
මෙම පවුලේ සැමියා පුහුණු රියදුරෙකු ලෙසත්, මව සාප්පු සහකාරියක ලෙසත් සේවය කරනවා.
 
පළමු දරුවාගේ උපතින් වසර දෙකකට පසු ඔවුන්ගේ දෙවන දරුවා (දැන් ඇයට අවුරුදු 12යි.) උපත ලබා තිබෙනවා.
 
කොතරම් කාර්යබහුල වූවත් මෙම දරුවන් 11 දෙනා සමඟ කාලය ගත කිරීම සඳහා මව නිකොල් අපූරු වැඩපිළිවෙලක් සකස් කරගෙන තිබෙනවා.
 
ඇඳන් 12ක් සෑදීමට පැය භාගයක් ගත කරන ඇය පස් වතාක්වත් දිනකට රෙදි සේදීමේ නිරත වන බව පවසනවා.
 
"මේ සියල්ල දැන් මට පුරුදුයි.." ඇය කියන්නේ බොහෝම සතුටින්.
 
තමන්ගේ ආදරණීය පවුල මේ ලෝකේ වාසනාවන්තම පවුල කියලයි ඔවුන් කියන්නේ.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top