දරුණු රිය අනතුරකට ලක් වූ රංගන ශිල්පී, චාමර ප්‍රියදර්ශනගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය සංවේදී කරයි
චාමර ප්‍රියදර්ශන.. ඔබ ඔහුව නොහඳුනනවා වෙන්න බැහැ.. හිරුටීවී ඔස්සේ විකාශය වන "හතේ කල්ලිය" ටෙලි නිර්මාණය තුළිනුත් ඔහුව අපිට මුණ ගැහුණා.
හැමෝම ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පීයා මීට මාස කිහිපයකට පෙර දරුණු රිය අනතුරකට ලක්වුණේ නොසිතූ විදිහටයි.
ඔහු ගැන රසික රසිකාවියන් සෙවිල්ලෙන් හිටපු මොහොතක පසුගිය සතියේ "මව්බිම" පුවත්පතේ "හදගැස්ම"ට ඔහු තමන්ට දැන් "සුවයි" කියලා කියා තිබුණා.
"මගේ තත්ත්වය දැන් ගොඩක් සුව අතට හැරිලා තියෙන්නේ. මම දැන් ඉන්නේ මගේ අයියගේ ගෙදර. මගේ ගම නුවර වුණත් දැන් මම නැවතිලා ඉන්නේ අයියගේ ගෙදර. මගේ අම්මා, තාත්තත් අයියලගේ ගෙදර ඇවිත් මාත් එක්කම තමයි ඉන්නේ. මට ප්‍රතිකාර සඳහා සැරින් සැරේ රෝහලට යනවා..."
ඒ වගේම.. එදා සිද්ධ වුණු අනතුර ගැනත් ඔහු මේ විදිහට මතකය අවදි කළා.
"මම එදා යාළුවෙක් එක්ක බයික් එකේ තලවතුගොඩට ගියා. එතැනදී තමයි අනතුර සිද්ධ වුණේ. මට හිතාගන්නවත් බැරිවුණා. එදා සිදුවුණු අනතුරෙන් මම දෙවියන්ගේ පිහිටෙන් බේරිලා ඉන්නවා. බුදුන්ගේ සරණ මට තියෙනවා. මම පන්සල් යනවා. ආගම දහමට අනුව වැඩ කරනවා. මම මේ අනතුරෙන් බේරිච්ච එක ලොකු දෙයක්. මාව මේ තත්ත්වයට සුව කළාට සියලුම වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලයටම ස්තූති කරන්න ඕනේ. ඔවුන් නැත්නම් අද මට මේ තත්ත්වයට එන්න බෑ. ඔවුන් දෙවිවරු වගේ..."
තමන්ගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඉතාම ඉක්මනින් රංගනයට එන බව කියන්නත් ඔහු අමතක කළේ නෑ. කොහොම වුණත් චාමරගේ දැන් තත්ත්වය ගැන ඔහුගේ සහෝදරයා වෙනස්ම විදිහේ කතාවක් කියලා තිබුණා.
"මල්ලි පෙබරවාරි 15 වැනිදා එයාගේ බෝඩිමේ යාළුවෙක් වුණ දිනේෂ් එක්ක බයික් එකේ ගිහින් තියෙනවා රෑ කෑම ගේන්න. ඒ යද්දි බයිසිකලය කන්ට්‍රොල් නැතිව ගිහින් ලයිට් කණුවක වැදිලා. දිනේෂ් මල්ලි තමයි බයිසිකලය පැදගෙන ගිහින් තිබුණේ. මල්ලි බයිසිකලයේ පිටිපස්සේ ඉඳගෙන ගිහින් තියෙන්නේ. බයික් එක ඇලවුණ පාර මල්ලිගේ ඔළුව ලයිට් කණුවේ වැදිලා. අපි ඒ අනතුරේ විඩියෝ දර්ශන බැලුවා. මල්ලිට සිදුවුණ අනතුර ගැන කිසි මතකයක් නැහැ. අපි කියන දේවල් අහගෙන ඉඳලා තමයි එයා දේවල් කියන්නේ. පෙබරවාරි මාසේ 15 වැනිදා ඉඳන් මාර්තු 27 වැනිදා වෙනකල් මල්ලිට සිහිය තිබ්බේ නැහැ. එයා හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටියේ. වාට්ටුවට දැම්මමත් එයාට සිහියක් තිබ්බේ නැහැ. මාර්තු 27 වැනිදා ටිකට් කපලා එයාට ගෙදර එන්න ලැබුණා. ඒ එනකොටත් හරියට සිහියක් නැහැ. මැයි මාසේ 11 ආයෙත් එයාගේ අතේ ප්‍රශ්නයකට ප්‍රතිකාර ගන්න රෝහලේ නතර කරලා ප්‍රතිකාර අරගෙන ගෙදර ඇවිත් ඉන්නේ. ආයෙත් මල්ලිගේ ඔළුවේ ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ප්‍රතිකාර අවසන් වෙන්නේ..."
"අතේ ප්‍රශ්නයට නම් ව්‍යායාම කරවනවා. දැන් මල්ලිට 90%කට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා. එයා ඇවිදිනවා. තනියම එයාගේ වැඩ කරගන්නවා. හවසට ඇවිදින්න යනවා. පන්සල් යනවා. අපි ඉතිං එයාගේ පස්සෙන්ම ඉන්නවා. මල්ලිට අතීතයේ ගොඩක් දේවල් මතකයි. හැබැයි අනතුර සිදුවෙන්න මාස හයකට, අවුරුද්දකට කලින් වගේ දේවල් එයාට මතක නැහැ. අපි ඉතිං ඒ තැන්වලට එයාව එක්ක ගිහින් සිදුවුණ දේවල් මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. දවස් 23ක් සිහිය නැතිව ඉඳලා ගෙදර ඇවිත් මාස දෙක තුනක් යද්දී එයාව හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් වුණා. අපි එයාව අතහරින්නේ නැහැ. යාළුවොත් එයාව අතහැරලා නැහැ. මල්ලි රංගනයට හරිම ආදරෙයි. දැන් වුණත් නිතරම කියන්නේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනින් සනීප වෙලා ෂූටින් යන්න ඕනේ කියලා. අපි එයාව කොහොම හරි සනීප කරනවා. අතහරින්නේ නෑ..."
දැන් දැන් චාමර ප්‍රියදර්ශනට ඔහුට ආදරය කරන පිරිස් "ඉක්මන් සුව" පතන්නේ ආයෙම ටෙලි තිරයෙන් ඔහුව දකින ආසාවත් එකතු කරගෙනයි.
මේ හැමදෙයක්ම මැද චාමරගේ ඉතාම සංවේදී ඡායාරූප කිහිපයකටත් සමාජ මාධ්‍යයේ ලොකු ඉඩක් වෙන්වෙලා.
ඒ වගේම තමයි, චාමරගේ සමීප සඟයින් බොහෝ දෙනෙක් ඔහු ගැන මුහුණු පොතේ විවිධ පෝස්ට් පළ කරලා තිබුණා.


