පොලීසිය තුළදීම කොස්තාපල් සිය දිවි හානි කර ගනී
Tuesday, 16 June 2020 - 11:11 | Views - 4,431
හලාවත - මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු එම පොලිස් ස්ථානය තුළදීම අද අලුයම 2ට පමණ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එලෙස සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.
Share This Article