අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 74වන උපන්දිනය පසුගිය 14 වැනිදාට යෙදී තිබුණා.
ඊට සමගාමීව ට්‍රම්ප්ගේ උපන්දින සැමරුමක් සඳහා පෙරේදා (14) සවස් කාලයේ බෝට්ටු සිය ගණනක් දකුණු කැරොලිනා හි හාට් වෙල් නැමති ජලාශයේ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම බෝට්ටුවල ගමන් කළ පිරිස මීටරයක දුර තබා ගනිමින් පැයට සැතපුම් 05ක වේග සීමාවකින් ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
බිකිනි ඇඳුමින් සැරසුණූ තරුණියන් මෙන්ම බොහෝ පිරිස් ට්‍රම්ප්ට සුබ පතමින් ඇමරිකන් ධජ අතැතිව සිටින අයුරු දැකගැනීමට හැකිවුණා.
එසේම එම බෝට්ටුවල ‘ට්‍රම්ප් 2020‘ යනුවෙන් සදහන් ධජයන් ද ප්‍රදර්ශණය කෙරුණා.
මේ අතර... ට්‍රම්ප්ගේ දියණිය විසිනුත් සිය පියාට සුබ පැතුම් එක් කර තිබූ ට්විටර් සටහනක් දකින්නට ලැබුණා.
කොහොම වුණත්.. ලෝක බලවතාට දසතින් විවේචන එල්ල වද්දි මෙසේ ඔහුගේ සැමරුම් කිහිප තැනකම පැවැත්වීම විශේෂත්වයක්.
ඔහුගේ උපන්දිනයදා කාටූන් ශිල්පීන් විවිධ ආකාරයේ නිර්මාණ ද එකතු කර ඇති අයුරු දැකගත හැකිවුණා.



