සුනඛයෙකු නිසා සිදුවූ අනතුරකින් අයෙක් මරුට
Tuesday, 16 June 2020 - 9:45 | Views - 1,096
රක්වාන - රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 138 සහ 139 කණු අතර ප්රදේශයේදී ත්රීරෝද රථයක් තවත් ත්රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රක්වාන දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක සුනඛයෙකු ගැටී ඇති අතර, එම අවස්ථාවේ එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් ත්රිරෝද රථයේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ පස්වරු 5.30ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ සුනඛයා ගැටුණු ත්රිරෝද රථයේ රියදුරු වන අතර ඔහු හොරමුල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලැබූ ඉතිරි පිරිස අනෙක් ත්රිරෝද රථයේ ගමන් ගත් පිරිසක් බව ද පොලීසිය සඳහන් කළා.
Share This Article