රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නියෝජනය කරන ක්රීඩිකාවක් වන පූජානි ලියනගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සංවේගය පළ කර තිබුණා.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නියෝජනය කරන ක්රීඩිකාවක් වන පූජානි ලියනගේ කුරුණෑගල - කටුපොත දී ඊයේ (15) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.
ඇය කොළඹ සිට අනුරාධපුරය දක්වා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ට්රැක්ටරයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පූජානි ලියනගේ දේශීය තරඟ පිටිය තුළ පන්දු යවන්නියක් ලෙස සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ ක්රීඩිකාවක්.
අනතුරෙන් මියයන විට ඇය 33 වන වියේ පසුවුණා.
ශෂිකලා සිරිවර්ධන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්..