රිය අනතුරකින් මිය ගිය බුද්ධි නිලධාරී 'සිතුම්ගේ' අවසන් කටයුතු හෙට
Tuesday, 16 June 2020 - 8:04 | Views - 389
රිය අනතුරකට භාජනය වී ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්ගේ අවසන් කටයුතු හෙට (17) දිනයේදී සිදුකිරීමට නියමිතයි.

ඒ, පොලිස් ගෞරව සහිතව ගිනිදමන පොදු සුසාන භූමියේදීයි.

සිතුම්ගේ දේහය ඊයේ (15) පොළොන්නරුවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

පසුගියදා තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක ඩිෆෙන්ඩර් රථයක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 22 හැවිරිදි පොලිස් කොස්තාපල් සිතුම් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද සිතුම් යොමාල් නිලධාරියායි.

මියගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල් ඊයේ (14) සිට බලපැවැත්වෙන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කෙරුණු බව ද  පොලිස් මූලස්ථානය ඊයේ (15) නිවේදනය කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top