අන්තර්ජාල රේඩියෝවෙන් ඇහෙන LTTE කොටි ත්‍රස්තවාදය
Monday, 15 June 2020 - 20:35 | Views - 546

අන්තර්ජාල රේඩියෝ යෙදවුමක් උපයෝගී කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක වනවා.
මෙය ක්‍රියාත්මක වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා නිර්මාණය කළ යෙදවුම් හරහායි.
අන්තර්ජාල රේඩියෝ යෙදවුම් කිහිපයක් හරහා මේවන විට LTTE සංවිධානය මතවාදය ප්‍රචලිත කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවනවා.
මෙය නිර්මාණය කර ඇත්තේ ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් මෙම යෙදවුම් භාගත කරගත හැකිවන අයුරින්.
එම ඇතැම් යෙදවුම්වල LTTE ධජය මෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවද ඇතුළත්.
දෙමළ නම් කිහිපයකින් ඇති මෙම යෙදවුම් හරහා එල්.ටී.ටී.ඊ. මතවාදය සූක්ෂ්මව ජනතාව අතරට ගෙනයාම LTTE ඩයස්පෝරාවේ අරමුණවී තිබෙනවා.
LTTE සංවිධානය යුධමය වශයෙන් මුළුමණින්ම පරාජයට පත්වුවද එම මතවාද තවදුරටත් සමාජගත කිරීම සඳහා LTTE ඩයස්පෝරාව අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තා.
ම්ලේච්ච LTTE ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 11ක් සැපිරූ මැයි මස 18 වැනිදා මෙරට ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hirunews.lk අපගේ වෙබ් අඩවියට LTTE හිතවාදී සංවිධානයක් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඒ අනුවයි.
එම මාසයේම 30 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියටද LTTE හිතවාදී සංවිධානයක සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.
කලින්කලට LTTE සංවිධානයේ මතවාදය යළි සක්‍රීය කිරීමට ගෙනයන මෙම වැඩපිළිවෙළ පිළිබඳ ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අසංක අබේගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
Share This Article