අතුරුදන් වූ බවට පැවසූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් දෙදෙනාට සිදුවූ දේ මෙන්න
Monday, 15 June 2020 - 20:04 | Views - 418
අතුරුදන් වූ බවට පැවසූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් දෙදෙනාට සිදුවූ දේ මෙන්න
ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් දෙදෙනෙකු, පාකිස්තාන ඔත්තු සේවා ග්‍රහණයට
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවාව මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම නිලධාරීන් දෙදෙනා අද උදෑසන සිට අතුරුදන්ව සිටි අතර, ඔවුන් පාකිස්තාන ඔත්තු සේවා මගින් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට තොරතුරු පවතින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
පසුගිය දා ඉන්දියාවේ පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු ඔත්තු බැලීමේ චෝදනා මත පිටුවහල් කිරීමට ඉන්දියාව පියවර ගත්තා.
Share This Article