අවුරුදු 42ක පුද්ගලයෙකු 14හැවිරිදි පාසල් දැරියක් දූෂණය කරලා
Monday, 15 June 2020 - 16:38 | Views - 435
වවුනියාව සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයෙකු වයස අවුරුදු දහයක පාසල් දැරියක්ව 14 දා  දූෂණය කොට තිබේ.

සැකකරු විසින් එම දැරියව වීරපුරම් ප්‍රදේශයේ කැළයකට ඇදගෙන ගොස් දූෂණය කොට ඇති අතර ඒ පිළිබදව සෙට්ටිකුලම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පැමිණ සැකකරුව වීරපුරම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේදී ඔහු සිය දිවි හානි කර ගැනීමට අවස්ථා දෙකක්ම උත්සහ කොට තිබේ.

දූෂණයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා පොලීසිය විසින් සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

සෙට්ටිකුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
මව්බිම


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top