කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ
Monday, 15 June 2020 - 13:04 | Views - 793
කෑගල්ල නගරයේ පිහිටි පොදු වෙලඳ සංකීර්ණයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට නොහැකි වූයේ කෑගල්ල නගර සභාවට ගිනි නිවීමේ රථයක් නොමැති වීම නිසා බවට වෙළඳුන් චෝදනා කරනවා.

මෙහි වෙළසැල් 70කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇති අතර මේ දක්වා කළ ගණනය කිරීම්වලට අනුව ඉන් 56ක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරය වන කෑගල්ල නගරයේ වෙළඳසැල් 3000කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ ගින්න ඇති වීමට පෙර නගරයට විදුලිය ද විසන්ධි වී තිබී ඇති අතර පොදු වෙළඳ සංකීර්ණයේ ඇතැම් වෙළඳසැල්වල විදුලි උත්පාදන යන්ත්‍ර ද පණගන්වා තිබුණා.

විදුලිය පැමිණීමත් සමඟ එක් වෙළඳසැලකින් ගින්න හටගෙන ඇති අතර පසුව එය පැතිර ගොස් ඇති බවයි කෑගල්ල නගර සභාවේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

පසුව ගින්න මැඩ පැවැත්වීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ රථය සහ කුරුණෑගල, මහනුවර මහ නගර සභාවල ගිනි නිවීමේ රථ පැමිණියා.

කෙසේ වෙතත් කෑගල්ල නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් දිසානායක ප්‍රකාශ කළේ ගින්න නිවීම සඳහා ජලය සපයා ගැනීමේදී ද ගැටළු මතු වූ බවයි.

නගර සභාවට වාර්ෂිකව පිරිවැටුම් බද්දක් වෙළඳුන් විසින් ගෙවන නමුත් වසර ගණනාවක් ගත වුවද ගිනි නිවීමේ රථයක් ලබා ගැනීමට හිටපු සහ වත්මන් පාලනාධිකාරියට නොහැකි වීම කණගාටුවට කරුණක් බව කෑගල්ල සිංහල වෙළඳ බලමණ්ඩලයේ විධායක සභාවේ සාමාජික සුසන්ත කෝසල කියා සිටියා.  

ගින්නෙන් පොදු වෙළඳ සංකීර්ණයේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර රජයේ රස පරීක්ෂවරයා ද අද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ගින්නෙන් සිදු වූ අලාභ හානි පිළිබඳව ද මෙතෙක් තක්සේරු කර නැහැ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top