ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh සියදිවි නසාගෙන නැහැ, ඒක ඝාතනයක්?
Monday, 15 June 2020 - 12:26 | Views - 712
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන Sushant Singh Rajput ඝාතනය කර ඇතැයි ඔහුගේ මාමා කෙනෙකු සැක පළ කරනවා.
 
පාට්නාහිදී පිහිටි සුශාන්ත්ගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මරණය පිටුපස අභිරහසක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුශාන්ත්ගේ මාමා වැඩිදුරටත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බවටයි.
 
Sushant Singh Rajput ඊයේ දිනයේදී මුම්බායි හි පිහිටි ඔහුගේ නිවස තුළ සියදිවි හානි කරගත් බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියා.
 
ඔහු මිය යනවිට 34 වියෙහහි පසු වුණා.
 
Sushant Singh Rajput සිරුර පොලිසිය විසින් නිවසින් පිටතට රැගෙන ඇති අතර ගෙල වැළලාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
 
සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝනි ගේ ජීවිත කතාව අළලා සකස් කරන ලද M.S. Dhoni: The Untold Story චිත්‍රපටයේ දෝනි ගේ චරිතයට පන පොවනු ලැබුවේද ඔහු විසින්.
 
එමෙන්ම Raabta, Welcome to New York, Kedarnath, Sonchiriya, Chhichhore, Drive යන චිත්‍රපටි සඳහා දායක වුණා.
 
මිය යන විට Dil Bechara යන චිත්‍රපටියට ද ඔහු රංගනයෙන් එක්වෙමින් සිටියා.
 
මේ අතර පසුගිය 8 වනදා ඔහුගේ කළමණාකරිනියක වන Disha Salian ද දිවි නසාගෙන තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
 
එමෙන්ම Sushant Singh කාලයක් පුරා විෂාදය රෝගයෙන් පිඩා විඳ ඇති අතර ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව ද සඳහන්.
 
සිය මවගේ ඡායාරූපක් ද ඔහු විසින් සතියකට පෙර ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.
 
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලබා දිය නොහැකි බවටයි මේ වනවිට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.
 
ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top