ගල්කිස්ස අමුණේ ගිලීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මරුට
Monday, 15 June 2020 - 11:49 | Views - 718
පලුගමුව, ගල්කිස්ස අමුණේ ගිලීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ (14 ) පස්වරුවේ මෙලස මියගොස් තිබෙන්නේ උඩුබද්දාව ප්රදේශයේ පදිංචි නිමන්ත මධුසංක නමැති තරුණයෙක්.
පාසල් මිතුරන් තිදෙනෙකු සමඟ දිය නෑම සඳහා මෙම ස්ථානයට පැමිණ ඇති තරුණයා මත්පැන් පානය කර සිට ඇති බව සඳහන්.
මත්පැන් පානය කිරීමෙන් පසු මියගිය තරුණයා හා තවත් තරුණයෙකු අමුණට බැස ඇති අතර දෙදෙනාම දියේ ගිලී ඇති අතර එක් අයෙකු බේරා ගැනීමට ගොඩබිම සිටි මිතුරන් දෙදෙනාට හැකි වී තිබෙනවා.
මෙම ස්ථානය භාර නිලධාරීයා අමුණේ දොරවල් වසා අඩි දහයක් පමණ ගැඹුරක සිරව සිටි මෙම තරුණයා සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මේ ස්ථානයේ මිට පෙර පුද්ගලයන් 13 දෙනෙකු පමණ දියෙ ගිලි මියගොස් ඇති බව ගල්කිස්ස ඇමුණ භාර වාරිමාර්ග නිලධාරී උපුල් ප්රියංක මහතා පවසන අතර ඒ හේතුවෙන් මෙම ස්ථානයේ දිය නෑමතහනම් කර තිබුණද පාසල් සිසුන් මෙන්ම තරුණයන් රැසක් මේ ස්ථානයට පැමිණ මත්පැන් පානය කර දිය නෑම සිදුකරන බව ප්රදේශවාසින් පවසනවා.
Share This Article