ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ බුද්ධි නිලධාරියා රිය අනතුරට ලක් කළ නීති ශිෂ්‍යයා යළි රිමාන්ඩ්
Monday, 15 June 2020 - 10:55 | Views - 427
කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවූ මුදල් මංකොල්ලය වළක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
පසුගිය 11 වනදා රාජකාරිය නිම කර තවත් පොලිස් නිලධාරියෙකු සමග යතුරුපැදියකින් යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
වයස අවුරුදු 24ක් පමණ වන නීති ශිෂ්‍යයෙකු පැදවූ රථයක අදාළ යතුරුපැදිය ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන 24 හැවිරිදි නීති ශිෂ්‍යයා ජුනි 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article