ඩිකියේ තිබුණු ඇගේ සිරුර නරක් වෙලා, පිටතට ලේ වහනය වුණා
Monday, 15 June 2020 - 10:17 | Views - 1,433
මුම්බායි නගරයට බටහිරින් පිහිටි අන්දේරි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය BBLUNT නම් සුපිරි රූපලාවන්‍යාගාරයේ අයිතිකරුවන් වූයේ සුප්‍රකට නළුවෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ෆර්හාන් අක්තාර් හා ඔහුගේ බිරිය අධුනා බබානියි.

කීර්ති වියාස් එම ව්‍යාපාරික ස්ථානයේ මූල්‍ය කළමණාකාරවරියයි.

ඒ නිසා ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඇගේ මූල්‍ය කළමණාකාරීත්වය බෙහෙවින් ඉවහල් වුණෘ.
 
එහෙත් 2018 මාර්තු මස 16 වැනිදා උදෑසන ව්‍යාපාරික කටයුත්තක් සඳහා යන බව කියූ කීර්ති එදා පටන් නිවසට පැමිණියේ නැහැ.
 
පසුව කළ සෝදිසි කිරීමේදී ඇය සේවා ස්ථානයට ද ගොස් නොතිබීම කාටත් ගැටලුවක් වුණා.
 
ඇගේ මව ඇය අමතන්නට කොතෙක් උත්සහා කළ ද ඇගේ ජංගම දුරකථනය ද විසන්ධි වී තිබුණා.
 
දින දෙකක් යනතුරුම කීර්ති ගැන තොරතුරක් නොලැබීම නිසා ඇගේ මව මුම්බායි පොලිසියට මේ පිළිබඳ දැනුම් දුන්නා.
 
28 හැවිරිදි කීර්ති ව්‍යාස් අබිරහස් ලෙස අතුරුදහන් වීම ඇගේ මවට හා ඥාතින්ට ගෙන දුන්නේ මහත් සැකයක්.
 
පොලිසිය ඇගේ නිවසට යන එන තැන්වල ඇති සීසීටීවි කැමරා පරීක්ෂා කිරීමට තීරණය කළේ ඒ සමඟයි.
 
එම අවස්ථාවේ එක් කැමරාවක සටහන්වී තිබූ රූප රාමුවලට පොලිසියේ ඇස යොමු වුණා.
 
රූපලාවන්‍යාගාරයේ සේවය කරන සිදේශ් තම්හන්කාර්ගේ මොටෝ රියට ඇය නඟින අයුරු එහි දැක්වුණා.
 
අනතුරුව සෙසු කැමරා සෝදිසි කිරීමේදී දැකගත හැකිවූයේ මඟක් යනතුරුම ඇය සිදේශ්ගේ මෝටර් රථයේ සිටින අයුරුයි.
 
එහෙත් ගමන මැද හරියේදී ඇය මෝටර් රථයේ නැති බවද එම රූපරාමුවලින් පැහැදිලි වුණා.
 
තවදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව පොලිසිය සිදේශ් අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු සිදේශ්ගේ අනියම් පෙම්වතියක් වන කුෂී සජ්වානිද අත්අඩංගුවට ගත්තා. ඇය ද විවාහක කාන්තාවක්.
 
ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ කීර්ති එදින සිදේශ් සමඟ ගියේ කුෂිට අයිති මෝටර් රථයෙන් බවයි.
 
ඒ අනුව පොලිසිය කුෂීගේ රථය පරීක්ෂා කළා. එහිදි රියේ ඩිකියේ ඉහිරි ගොස් තිබූ රතු පැහැති දියරයක් පොලිසියට නීරික්ෂණය වුණා. පසුව එම දියරය හා කීර්තිගේ මවගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල සමඟ සැසඳීමේදී එම දියර කීර්තිගේ බව තහවුරු වුණා.
 
ඒ අනුව කීර්ති එම රථය තුළ කිසියම් අනතුරකට ලක්ව ඇති බව සැකකළ පොලිසිය සිදේශ්ගෙන් හා කුෂිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.
 
එහිදී ඔවුන් පොලිසිය ඉදිරියේ කීර්ති රියට නංවාගත් බව පිළිගැනීමත් සමඟ ප්‍රශ්න කිරීම දරුණු අන්දමින් සිදි කෙරුණා.
 
එහිදී ඔවුන් කිව්වේ කීර්ති මරා දැමීම ඔවුන් අතින් සිදුවූ බවයි.
 
සිදේශ් රූපලාවන්‍යාගාරයේ මූල්‍ය අංශයේ සේවය කළ අයෙක්. එහෙත් ඔහුගේ සේවය නිවැරදි අයුරින් සිදුවූයේ නැහැ. කීර්ති කිහිප වතාවක්ම සිදේශ් කාර්යාලයට ගෙන්වා අවවාද කර තිබුණා. ඒත් සිදේශ් ඇගේ උපදෙස් පිළි ගැනීමට සමත් වූයේ නැහැ. අවසානයේ මින් උරණ වූ කීර්ති සිය කැමැත්තෙන් ආයතනයෙන් ඉවත්ව යන බවට ලිපියක් ලියා දෙන ලෙස සිදේශ්ට දන්වා ඇති අතර එසේ නොකළහොත් සිදේශ් සේවයෙන් පහ කරන බවට ද ඇය අනතුරු ඇඟව්වා.
 
සිද්ධිය වූ දා රූපලාවන්‍යාගාරයට යමින් සිටි කීර්ති මෝටර් රථයට නංවා ගත්තේ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය කතා බහ කිරීමට බව සිදේශ් පොලිසිය හමුවේ පැවසුවා.
 
එහිදී සේවයෙන් ඉවත් නොකරන ලෙස ඇයගෙන් අයැද සිටියත් ඇය දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කර තිබුණා.
 
එම නිසා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඇය මරා දැමූ බවත් සිදේශ් පවසා සිටියා.
 
මෙහිදී තමාගේ සහයට කුෂීද ඉදිරිපත් වූ බවයි ඔහු පැවසුවේ.
 
අනතුරුව කුෂීගේ රියේ ඩිකියට කීර්ති කුදලාගෙන ගොස් දමා කිසිවක් නොදත් ලෙස සේවයට ගොස් ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
 
පැය හතකට පමණ වැඩි කාලයක් කීර්තිගේ මළ සිරුර මෝටර් රථයේ තිබුණු නිසා සිරුර නරක් වී පිටතට වහනය වූ රුධිරය රථය තුළම තැන්පත්වී තිබුණා. ඒ බව නොදත් ඔවුන් සිරුර ඉමැක්ස් චිත්‍රපට ශාලාව අසළින් මුහුදට දමා තිබෙනවා.
 
ඔවුන්ගේ බලාපොරොත්තු ව වී ඇත්තේ කීර්තිගේ මළ සිරුර මුහුදට ගලා යනු ඇති බවයි.
 
කීර්තිගේ මළ සිරුර සොයා ගැනීමට පොලිසිය ගත් උත්සහය ද අසාර්ථක වුණා.
 
පසුව කරන ලද සෝදිසි කිරීම්වලින් කුෂිගේ මොටෝ රියේ තිබී සොයා ගනු ලැබූ කීර්තිගේ සිරුරෙන් වහනය වූ රුධිර කොටස්වල ඩී.එන්.ඒ. වාර්තා සමඟ සිදේශ් හා කුෂී සජ්වානි පිටු 962කින් යුත් චෝදනා පත්‍රයක් සමඟ මුම්බායි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
 
ඒ අනුව සාක්ෂි විනාශ කිරීම, පැහැරගෙන යාම, හා මිනීමැරීමේ චෝදනා යටතේ ඔවුන්ට නඩු පැවරුණා.
 
මෙම නඩුව මුම්බායි ඉහළ අධිකරණයේ මේ වන විටත් විභාග වෙමින් පවතිනවා.
 
ඝාතකයින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
 
රෝහණ ආර්යරත්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top