කාන්තාවක යතුරු පැදියක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය කෙන්යා පොලිසිය
Monday, 15 June 2020 - 9:47 | Views - 1,505
කාන්තාවක යතුරු පැදියක ගැටගසා බිම දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමෙන් අනතුරුව කෙන්යාවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට පත් වී තිබේ.

සොරකමකට සම්බන්ධ යැයි චෝදනා ලත් 21 හැවිරිදි එම කාන්තාවට තවත් පුද්ගලයෙකු විසින් කස පහර දෙනු ලබන ආකාරය ද එම වීඩියෝ පටයේ දැක්වේ.

එම පහර දීම නවතාලන ලෙසට එම කාන්තාව අයදින ආකාරය එම වීඩියෝ පටයේ දැකගත හැක.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන්, මෙම කාන්තාව රෝහල්ගත කර ඇති අතර ඇගේ සිරුරේ තුවාලවලට සහ බිඳී ගිය පාදයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

"මම දන්නේ නැහැ මගේ ජීවිතේ බේරුනේ කොහොම ද කියලා," තමන් මුහුණ දුන් සිද්ධිය ගැන විස්තර කරමින් මර්සි චෙරෝනෝ, කෙන්යාවේ Standard පුවත්පතට ප්‍රකාශ කළාය.

එම පුවත්පත වාර්තා කරන පරිදි පසුගිය ඉරිදා එය සිදුවී ඇත්තේ කෙන්යාවේ නයිරෝබි අගනුවරට සැතපුම් 155 ක් පමණ ඈතින් පිහිටි නගරයකය. මෙම කාන්තාව යතුරු පැදියේ ගැටගසා ගුරු පාරක් දිගේ ඇදගෙන යන අවස්ථාවේ ඇය ඇඳ සිටි කලිසම සහ යට ඇඳුම දණහිස දක්වා පහත් වී තිබෙන ආකාරය ඉහත කී වීඩියෝ පටයේ දැකගත හැකිය.

එම වීඩියෝ පටය අවසානයේ දැකගත හැක්කේ මෙම කාන්තාව විශාල පිරිසක් විසින් වටකර ගෙන සිටිනු ලබන ආකාරයයි.

විනාඩි එකහමාරක් පමණ දිගින් යුත් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අතර සංසරණය විය."මට අනුකම්පා කරන්න කියලා මම ඉල්ලා සිටියත් ඒ පොලිස් නිලධාරියාට ඒ කිසිවක් ඇහුණෙ නැහැ," එම කාන්තාව රෝහලේ සිටියදී Standerd පුවත්පතට ප්‍රකාශ කළාය.

"මම තව ම දන්නෙ නැහැ මේ විදිහට දඬුවම් දෙන්න මම කරපු අපරාධය මොකක් ද කියලා," ප්‍රකාශ කළාය.

කෙන්යාවේ Citizen රූපවාහිනී නාලිකාව වාර්තා කළේ පොලිස් නිලධාරියකුගේ නිවසින් භාණ්ඩ කිහිපයක් සොරාගත්, තිදෙනෙකුගෙන් යුත් කල්ලියකට මෙම කාන්තාව සම්බන්ධ වී ඇතැයි චෝදනා ලබා ඇති බවය.

කෙන්යානු පොලිසිය මැර ක්‍රියාවල යෙදෙන බවට නිතර චෝදනා එල්ල වේ.

උපුටාගැනීම -BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top