පියා සහ සුළු පියා, අවුරුදු 15ක හා 17ක දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කරලා
Monday, 15 June 2020 - 9:25 | Views - 909

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පණවා තිබෙන කාලය තුළ මෙන්ම ලිහිල් කර ඇති අවස්ථාවේදී වුව ද ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව පොලිස් කාන්තා හා ළමා අපචාර කාර්යාංශයේ තොරතුරුවලින් පෙනී යනවා.
මෙම කාලය තුළ අපයෝජකයන් සහ වින්දිතයන් එක ම නිවසක කොටු වීම තුළ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවා.
අඛණ්ඩව ඇඳිරි නීතිය පැවති සමයේ ලැබුණ පැමිණිලි ප්‍රමාණය ඊටත් වඩා අධික බවයි එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේ.
කෙසේ නමුත්, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ, මෙම ගෘහස්ථ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වන සියලු දත්ත මේ මොහොතේ ලබා දිය නොහැකි බවයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හා කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ ද, ලිංගික අපයෝජන සිද්ධීන් දෙකක් වාර්තා වුණා.
පියෙකු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි පාසල් සිසුවියක් වී දියණියක් සහ සිය සුළු පියා අතින් දූෂණයට ලක් වූ වයස අවුරුදු 17 ක දියණියක ගැනයි එලෙස වාර්තා වුනේ.
දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීමට දින නියමව තිබෙන මොහොතකයි මේ අපරාධ වාර්තා වුයේ
පළමු සිද්ධියට අදාළ සැකකාර පියා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අදාළ බල ප්‍රදේශයේ පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවා.
එමෙන්ම අනෙක් සිද්ධියේ සැකකාර සුළු පියා ද අත්අඩංගුවේ පසුවන බව ද සදහන්.
Share This Article