උසස් පෙළ දිනය ගැන යළි සාකච්ඡා -[Video]
Monday, 15 June 2020 - 8:58 | Views - 1,046
උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නැවත සළකා බැලෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ, උසස් පෙළ සිසුන්ගෙන් සහ වෘත්තිය සමිති මෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ලද ඉල්ලීම්වලට අනුව මේ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි.
එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා දක්වා කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නැවත සළකා බැලීම පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.
මේ අතර, විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග සඳහා වෛද්‍ය පීඨ පමණක් අද දින විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
Share This Article