අවුරුදු 20ක් වූ සුළු පුතාගේ අතින් ගැබිණියක වූ මරීනා කියු අමුතුම කතාව
Monday, 15 June 2020 - 8:52 | Views - 1,428
රුසියාවේ සිය සුළු පුතෙකු විවාහ කරගැනීමට සූදානම් වන මවක සම්බන්ධයෙන් වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඒ, එරට Krasnodar Krai ප්‍රාන්තයේ පදිංචිව සිටින 35 හැවිරිදි Marina Balmasheva නමැති කාන්තාවයි.

විවාහක සැමියා වන 45 හැවිරිදි Alexey නමැත්තාගේ පුතා වන 20 හැවිරිදි Vladimirව මෙලෙස විවාහ කරගැනීමටයි ඇය තීරණය කර ඇත්තේ.
 
මේ වනවිට ඇය Alexey ගෙන් දික්කසාද ලබා ඇති බවත් සඳහන්.
 
මේ වනවිට Marina සහ Vladimir අඹුසැමියන් ලෙස ජීවත්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
මේ සම්බන්ධයෙන් ඇය සිය සාමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රකාශ කළේ, වයස අවුරුදු හතක් වන Vladimir තමා සමඟ සිටි බවත්, අවුරුදු 20 ක් වනවිටත් ඔහු තමා සමග සිටින බවයි.
 
කෙසේ වෙතත් මෙම ඡායාරූප එක් කිරීමත් සමග ඇයට දැඩි විවේචන ද එල්ලවී තිබෙනවා.
 
බොහෝ අය විවේචනය කරනු ඇතැයි මා දැන සිටිය නමුදු මේ සම්බන්ධයෙන් තමන් දුක්නොවන බවයි ඇය පවසන්නේ.
 
වසර ගණනාවක් තමන් දුක්බර ජීවිතයක් ගත කළ බවත්, මේ වනවිට නිදහසින් මෙන්ම සතුටින් සිටින බවත් Marina කියා සිටියා.
 
මේ අතර තමන් මාස හතර ගැබිණියක් බවයි ඇය කියා සිටියේ.
 
ඊට අදාළ වන පරීක්ෂණය නිවසේදී සිදු කළ විට කදුළු කිහිපයක් ගලා ආ බවද ඇය ප්‍රකාශ කර තිබුණා.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, එදින රාත්‍රීය පුරා තමන්ට නින්ද නොගිය බවයි.
 
පරීක්ෂණ ප්‍රතිඵලය දැනගත් අවස්ථාවේදී, තමන්‌ගේ සිරුරු ගැහෙන්න පටන් ගත් බව ද Marina Balmasheva සදහන් කළා.
 
මෙම හැඟීම කිසිදු කෙනෙකුට පැහැදිලි කර නොහැකි බවත්, තමන් ඉතා ඉක්මනින් පුතු සමඟ විවාහ වන බවත් ඇය කියා සිටියා.
 
අදාළ කාරණාව සම්බන්ධයෙන්, Marina Balmashevaගේ සැමියා ප්‍රකාශ ක‌ළේ, තමන් සිටියදී වූවත් නිවසේදී තම පුතු සමග ඇය ළඟින් ආශ්‍රය කළ බවයි.
 
ඒ හේතුවෙන් ඇයට දික්කසාද කිරීමට තමන් තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top