සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු රියදුරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී පතොරම් සහ ජීව අත්බෝම්බයක් හමුවේ
Monday, 15 June 2020 - 8:19 | Views - 532
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පහරදී අනර්ථයක් සිදුකිරීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි ටී 56 සජීවී පතොරම් දෙකක් සහ විදේශ රටක නිෂ්පාදිත සජීවී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේවා මොරටුව - නැගෙනහිර මොරටුමුල්ල ප්‍රදේශයේ නිවසක පිටුපස වළ දමා තිබියදී ඊයේ සොයාගත් බවයි.
පසුගිය 29 වනදා මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පැදවූ රියදුරු බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ පස්වරුවේ සොයාගත්තා.
32 හැවිරිදි මොහු මොරටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මොහු සැඟව සිටි බුත්තල ප්‍රදේශයේ නිවසේ තිබී වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය වෙඩි තැබීමෙන් අනතුරුව, වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබු ත්‍රිරෝද රථයද එම නිවසේ තිබී සොයාගත්තා.
Share This Article