සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු රියදුරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී පතොරම් සහ ජීව අත්බෝම්බයක් හමුවේ
Monday, 15 June 2020 - 8:19 | Views - 533
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පහරදී අනර්ථයක් සිදුකිරීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි ටී 56 සජීවී පතොරම් දෙකක් සහ විදේශ රටක නිෂ්පාදිත සජීවී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේවා මොරටුව - නැගෙනහිර මොරටුමුල්ල ප්‍රදේශයේ නිවසක පිටුපස වළ දමා තිබියදී ඊයේ සොයාගත් බවයි.

පසුගිය 29 වනදා මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පැදවූ රියදුරු බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ පස්වරුවේ සොයාගත්තා.

32 හැවිරිදි මොහු මොරටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මොහු සැඟව සිටි බුත්තල ප්‍රදේශයේ නිවසේ තිබී වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය වෙඩි තැබීමෙන් අනතුරුව, වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබු ත්‍රිරෝද රථයද එම නිවසේ තිබී සොයාගත්තා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top