අද විවාහවීමට සිටී තරුණයා මහ මුහුදට බිලිවෙයි
Monday, 15 June 2020 - 7:55 | Views - 5,249
කළුතර, කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයින් හය දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ අද (15) දිනයේ විවාහ වීමට සූදානම්ව සිටි 26 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
කළුතර, රජවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ලහිරු කසුන් නැමැති මෙම තරුණයා ඊයේ (14) පස්වරුවේ කටුකුරුන්ද මුහුදට පැමිණෙන්නේ තවත් මිතුරන් පස් දෙනෙකු ද සමඟින්.
එහි දිය නාමින් සිටි මෙම තරුණයා හදිසියේ දියේ ගිලී අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලහිරුගේ මිතුරන් පොලිස් හදිසි දුරකථන අංකයට අමතා දැනුවත්කර ඇති අතර ඒ අනුව කළුතර පොලිසිය සහ ශ්රී ලංකා නාවික හමුදාවට අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කෙරුනා.
Share This Article