උසස් පෙළ සිසුන් සඳහා සතියකට කළින් පාසල් විවෘත කිරීම ගැන අවධානය
Saturday, 13 June 2020 - 9:33 | Views - 7,805
උසස් පෙළ සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම, පෙර දැනුම්දුන් දිනයට වඩා සතියකට පෙර සිදුකිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ, උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට එම සිසුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන්.

ලබන 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව 13, 11 සහ පහ ශ්‍රේණි සඳහා ජූලි 6 වනදා පාසල් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාවරයා මීට පෙර ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ සැප්තැම්බර් මස 7 වනදා සිටයි.

කෙසේ වෙතත් උසස් පෙළ පන්ති නියමිත ජූලි 6 වනදාට පෙර ආරම්භ කළහොත් ඊට සමගාමීව අදාළ පන්ති විෂබීජහරණය කිරීමද නියමිත දිනට පෙර දිනයක කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා, එහි ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු බලධාරීන් අතර ලබන සඳුදා විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇති.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top