නිදහස් චතුරශ්‍රයේදි වෙඩි තබාගත් පුද්ගලයා අවිය මිලදී ගැනීම ගැන විමර්ශන
Saturday, 13 June 2020 - 9:19 | Views - 1,498

කොළඹ - නිදහස් චතුරස්‍රය ආසන්න භූමියේ තිබී මියගොස් සිටි පුද්ගලයා වෙඩි තබාගැනීම සඳහා උපයෝගී කරගත් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහු මරණයට පෙර සිය සොහොයුරාට ලියා ඇති ලිපියේ සඳහන් වන්නේ එම පිස්තෝලය මිලදී ගත් බවටයි.
කෙසේ වෙතත් එය කවුරුන්ගෙන් මිලදී ගත්තේද? යන්න හෝ එය ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, මියගිය පුද්ගලයාගේ සොහොයුරාගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම මරණය හිසට වෙඩි වැදී සිදුවූ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ ඊයේ අනාවරණ වුණා.
ඒ අනුව ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරන්නේ.
මළසිරුර ආසන්නයේ තිබී අදාළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය කුරුඳුවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබුණා. මළ සිරුර මුලින්ම නිරීක්ෂණය කර තිබුණේ ඊයේ උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ මුර සංචාරයේ නිරත පොලිස් භටයන් විසින්.
පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ රජීව් ප්‍රකාශ් ජයවීර නැමැති 64 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔහු බම්බලපිටිය - පොලිස් උද්‍යාන මාවතේ පදිංචිව සිට ඇති අතර, ඊට පෙර ඔහු තම මෝටර් රථයේ යතුර මෙහෙකාරියට ලබාfමින් සඳහන් කර ඇත්තේ එය සිය සහෝදරයාට ලබාදෙන ලෙසයි.
විවාහකයෙකු වන මොහුගේ බිරිඳ මේ වනවිට එංගලන්තයේ රැදී සිටින අතර, ඇය පොලිස් උද්‍යානය ආසන්නයේ පිහිටි නිවස ආසන්නයේ ගුවන් ප්‍රවේශපත් අලෙවි ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
Share This Article