බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට
Saturday, 13 June 2020 - 8:58 | Views - 698
කොරෝනා වෛරසයේ නව ව්‍යාප්ති කේන්ද්‍රය වන බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යය අභිබවා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් අට ලක්ෂ 30,000ක් පමණ වාර්තා වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 41,900 ඉක්ම වූවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව 41,481ක්.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයන් විසි එක් ලක්ෂයක් සහ කොරෝනා මරණ එක්ලක්ෂ 16,000ක් වාර්තා වුණා.

ආසාදිතයන් තුන් ලක්ෂ 9000ක් සහ මරණ අට දහස් 890ක් සමඟ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත්වූ 4 වන රට ලෙස සටහන් වන්නේ ඉන්දියාවයි.

බ්‍රසීලයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උත්සන්න වීම සම්බන්ධයෙන් එරට දක්ෂිණාංෂික ජනාධිපති ජයිර් බොල්සොනාරෝට එල්ල වන්නේ බරපතල චෝදනාවක්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයේදී ඔහු එය හැදින්වූයේ සුළු ප්‍රතික්ෂාවක් ලෙසයි. එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රාන්ත මගින් රට වසා දැමීම බ්‍රසීල ජනපතිවරයාගේ විවේචනයට ලක් වුණා.

මේ වන විට බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ පහලොස් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මරණ සංඛ්‍යාව 70,000කට අධිකයි.

මධ්‍යම සහ දකුණු ඇමරිකානු කලාපවල කොරෝනා වෛරසය ඉහළ සක්‍රීය මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත්වූ රටවල් 10න් 4ක්ම එම කලාපයට අයත් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top