ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ ?
Saturday, 13 June 2020 - 8:05 | Views - 544
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා.
ඒ, පාකිස්තානය මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන්.
ඒ අනුව තරඟාවලිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි.
පාකිස්තානයේ තරඟාවලිය පැවැත්වුවහොත් ඉන්දියාවේ සහභාගීත්වය අවිනිශ්චිතවීම සහ ශ්‍රී ලංකාව කොවිඩ් 19 පාලනය සාර්ථකව සිදුකිරීම මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මෙරටට හිමි වීමේ අවස්ථාව ඉහළ නංවා තිබෙනවා.
Share This Article