අද තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්
Saturday, 13 June 2020 - 7:38 | Views - 439
ඉදිරි මහ මැතිවරණය සෞඛ්යාරක්ෂිතව පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් අද දිනයේදිත් පැවැත්වෙනවා.
අද සහ හෙට දිනවලදී දිස්ත්රික් කිහිපයක් නියෝජනය වන පරිදි ඒවා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ.
කොළඹ, ගම්පහ, මාතලේ, යාපනය, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්වල මෙම පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වෙනවා.
පොළොන්නරුව, පුත්තලම, මාතර, හම්බන්තොට සහ කලුතර දිස්ත්රික්වලද මෙම පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ.
මෙහි පළමු පෙරහුරු ඡන්ද විමසීම පසුගිය ඉරිදා අම්බලන්ගොඩදී පවත්වනු ලැබුවා.
Share This Article