ත්‍රිරෝද රථයකින් ගංජා ඇද්ද සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
Saturday, 13 June 2020 - 7:27 | Views - 592
ත්‍රිරෝද රථයකින් ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශවලට බෙදාහැරීම සදහා තණමල්විල ප්‍රදේශයේ සිට මෙම ගංජා රැගෙන ඇවිත් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (12) මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉරිදිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුනේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල, හබ්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article