මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන නියාමනයට අවශ්‍ය නීති කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති කියයි (වීඩියෝ)
Friday, 12 June 2020 - 21:17 | Views - 512
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් ඉදිරියේදී කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමඟ අද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා සහන ලබාදෙන බව රජය පසුගිය මාර්තු මස 30වන දින නිවේදනය කළා.

ඒ යටතේ සියළුම ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන වෑන් රථ, ලොරි රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා කුඩා රථ, බස් රථ සහ ස්වයං රැකියා  නියුක්තිකයන් හෝ හිමිකරුවන් විසින් සේවයේ යෙදෙන යතුරුපැදි හා කුඩා රථ සඳහා කල්බදු වාරික ගෙවීමට මාස හයක සහන කාලයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් අදාළ සහන පැකේජ බැංකු සහ මූල්‍ය ආයතන තුලින් ලබා නොදිම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර සුනිල් ජයවර්ධන ඝාතන සිද්ධියත් සමඟ ඒ පිළිබඳව සමාජයේ කතාබහ ඉහළ ගියා.

මූල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඒවා නියාමනයට අධිකාරී බලය පැවැරී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගෙන් මේ ගැන අප විමසීමක් කළා.

මේ අතර කල්බදු වාරික නිසි පරිදි නොගෙවන අවස්ථාවකදී පවා වාහනයක් යළි රැගෙන යාමට නීතියක් තිබේදැයිද අප විමසා බැලුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top