මඤ්ඤොක්කා හේනක කංසා වගා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Friday, 12 June 2020 - 19:51 | Views - 671
මඤ්ඤොක්කා හේනක ඉතා සුක්ෂම ලෙස කංසා ගස් වගා කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය, වැලිගම්පොල ප්රදේශයේ මඤ්ඤොක්කා හේනක මෙම කංසා ගස් වගා කර තිබු බවයි වැටලිම සිදු කළ නිලධාරින් පවසන්නේ.
සැකකරුවන් වගා කර තිබූ කංසා ගස්වල පත්ර ප්රදේශයේ අළෙවි කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article