සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු අනිද්දා කැස්බෑවේදී
Friday, 12 June 2020 - 19:50 | Views - 390
පහරදී ඝාතනය කළ, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

තම සංගමයට අයත් ත්‍රිරෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමකින් නිදහස් කරගැනීමට ගිය අවස්ථාවේදී එහි නියෝජිතයන් සහ සීසර්වරුන් පිරිසක් සිදුකළ පහරදීමකින් පෙරේදා පස්වරුවේ ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආ අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝ රත්නය, දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලූ බොහෝ පිරිසක් පැමිණ සිටියා.

මෙම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන්ද පොලීසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීමද මේ වනවිට ආරම්භ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහෙත් ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක එක්ව අදහස් පළ කිරීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top