දියාරු ලිපියක් ගැන ජනපති කොමිසමේදී හෙළිදරව්වක්
Friday, 12 June 2020 - 19:49 | Views - 404
පාස්කු ප්‍රහාරයට පෙර දින එවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි  බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බව ඒ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ ලබාදුන් සාක්ෂි අනුවයි.

ඔහු එහිදී සඳහන් කළේ පසුගිය වසරේ අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 5.47 ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ඇමතුමක් ලැබුණු අතර, එහිදී හෙට දිනයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බැවින් දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම පසුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන එදින පස්වරුවේ තමා අමතමින්  මීට පෙර ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව දේවස්ථානවලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බව ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳව එවක පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර ඇති බවද රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව තමා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනා අදාළ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට නොහැකිවූ බව ඔහු කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීමකදී සඳහන් කළා.  

21 වැනිදා උදෑසන ප්‍රහාරය සිදුවීමට පෙරත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා අවස්ථා කිහිපයකදී තමන් අමතා කොල්ලූ‍පිටිය මෙතෝදිස්ත පල්ලියට සහ කොටහේන ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ලවිය හැකි බැවින් කඩිනමින් ඒවාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ඒ අනුව දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ ඇයිදැයි කොමිසම ඔහුගෙන් විමසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ එසේ ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතුව තිබූ බවට තමන්ට දැන් වැටහෙන බවයි.

නමුත් එදින ප්‍රහාරයක් එල්ල නොවූයේ නම් පාස්කු දේව මෙහෙය කඩාකප්පල්කළ බවට චෝදනා එල්ලවීමට ඉඩ තිබූ අතර, එම තීරණය තමන්ට ගැනීමට නොහැකි වූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ප්‍රකාශ කළා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ එවකට රථවාහන හා මාර්ග ආරක්ෂාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණයි.

ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යොමුකර තිබූ ලිපිය තමන්ද නිරීක්ෂණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණු තොරතුරක් දෝෂ සහිතව තමන් මීට පෙර දැක නොතිබූ බවයි.

එම ලිපිය දියාරු ලිපියක් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ලිපියේ පහළ මෙතෙක් නිශ්චිතව අනාවරණ නොමැති බැවින් සහ තවදුරටත් රහසිගතව පරීක්ෂණ කරන්න යන වාක්‍ය හරහා එහි නිශ්චිත භාවය දියාරු වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පොලිස්පතිවරයා විසින් ෆෝ නෙසසරි ඇක්ෂන් යන වචනය යෙදීමෙන් පවා තොරතුරේ වටිනාකම දියාරු වුණු බව ඔහු මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

අදාළ තොරතුරේ වටිනාකම පොලිස්පතිවරයාට පෙනී ගියේ නම් ඔහු කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිටවූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙය යොමුකිරීම බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top