පැමිණිල්ලක් විභාග කරද්දී පොලිස් සැරයන්වරයාගේ පපු ප්රදේශය සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 12 June 2020 - 15:07 | Views - 550
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී, සපා කෑ පුද්ගලයෙකු රංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රංගල, ගොඩමුන්න ප්රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළෙකු බවයි පොලිසිය කියා සිටියේ.
පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් ගිය පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයකුට මෙලෙස පහරදී ඇති බව සදහන්.
සැකකරා සෙබළා විසින්, එම නිලධාරීන්ට පැන වැදී තර්ජනය කර ගල්වලින් සහ පොලුවලින් පහරදී තිබෙනවා.
අනතුරුව පොලිස් සැරයන්වරයා සමග පොර බදා ඔහුගේ පපු ප්රදේශය සපා කා ඇති බවයි පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.
මෙම නිලධාරීන් සැකකාර පුද්ගලයාගේ නිවස වෙත ගොස් ඇත්තේ ඔහු විසින් පොලිස් 119 හදිසි දුරකතන ඇමතීම් අංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහායි.
පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මේ වනවිට මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්, රංගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share This Article