පැමිණිල්ලක් විභාග කරද්දී පොලිස් සැරයන්වරයාගේ පපු ප්‍රදේශය සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 12 June 2020 - 15:07 | Views - 551
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී, සපා කෑ පුද්ගලයෙකු රංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රංගල, ගොඩමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළෙකු බවයි පොලිසිය කියා සිටියේ.
 

පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් ගිය පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයකුට මෙලෙස පහරදී ඇති බව සදහන්.
 
සැකකරා සෙබළා විසින්, එම නිලධාරීන්ට පැන වැදී තර්ජනය කර ගල්වලින් සහ පොලුවලින් පහරදී තිබෙනවා.
 
අනතුරුව පොලිස් සැරයන්වරයා සමග පොර බදා ඔහුගේ පපු ප්‍රදේශය සපා කා ඇති බවයි පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.
 
මෙම නිලධාරීන් සැකකාර පුද්ගලයාගේ නිවස වෙත ගොස් ඇත්තේ ඔහු විසින් පොලිස් 119 හදිසි දුරකතන ඇමතීම් අංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහායි.
 
පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මේ වනවිට මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
සැකකර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්, රංගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top