අඹ වගාකරුවන් ගැටළු රැසක
Friday, 12 June 2020 - 12:22 | Views - 471
වෙළඳපොළේ නිසි මිලක් නොමැති විමෙන් අඹ වගාකරුවන් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා.
අඹ අස්වැන්න අධික ලෙස වෙළඳ පොළට ලැබුන ද ඊට නිසි මිලක් නොලැබෙන අතර අලෙවිය ද පහත වැටි ඇති බවයි අඹ වගාකරුවන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හෝටල් සහ ආපනශාලා වසා තැබිම සහ අපනයන සිමා විම ඊට තවත් හේතුවක්.
මේ දිනවල අස්වැන්න අධික විමත් සමග අඹ කිලෝවක් රුපියල් 25 ක පමණ මිලකට අලෙවි වන බවයි දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Share This Article