දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අවදානමින් ගෝලීය කොටස් මිල පහළට
Friday, 12 June 2020 - 11:50 | Views - 1,242
දෙවැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානම පිළිබඳව මත පළ වීමත් සමඟ ලොව පුරා කොටස් වෙළඳපොළ බිඳ වැටීමක් වාර්තා වනවා.

ඇමරිකානු ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට දිගු කලක් ගත වන බවට එරට මහබැංකුව අනතුරු ඇගවීම ද එම තත්ත්වයට හේතුවක්.

කොරෝනා අවදානම නිසා වසා දැමුණු රටවල් යළි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමඟ කොටස් මිල ඉහළ යාමක් පසුගිය සති කිහිපය තුළ දක්නට ලැබුණා.

කෙසේ නමුත්, දෙවැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමත් සමඟ ඊයේ දිනයේදී ඇමරිකානු කොටස් දර්ශක 3ම පහත වැටී තිබෙනවා.

එහිදී ඩව් - ජෝන්ස් කාර්මික කොටස් දර්ශකය සියයට 7කින් පමණ පහත වැටුණා.

ජපානය, හොංකොං සහ චීනය ඇතුළු ආසියාතික කොටස් දර්ශක ද අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ඊට පෙර බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල ද කොටස් මිල ද පහත වැටීමක් දක්නට ලැබුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top