දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අවදානමින් ගෝලීය කොටස් මිල පහළට
Friday, 12 June 2020 - 11:50 | Views - 1,243
දෙවැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානම පිළිබඳව මත පළ වීමත් සමඟ ලොව පුරා කොටස් වෙළඳපොළ බිඳ වැටීමක් වාර්තා වනවා.
ඇමරිකානු ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට දිගු කලක් ගත වන බවට එරට මහබැංකුව අනතුරු ඇගවීම ද එම තත්ත්වයට හේතුවක්.
කොරෝනා අවදානම නිසා වසා දැමුණු රටවල් යළි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමඟ කොටස් මිල ඉහළ යාමක් පසුගිය සති කිහිපය තුළ දක්නට ලැබුණා.
කෙසේ නමුත්, දෙවැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමත් සමඟ ඊයේ දිනයේදී ඇමරිකානු කොටස් දර්ශක 3ම පහත වැටී තිබෙනවා.
එහිදී ඩව් - ජෝන්ස් කාර්මික කොටස් දර්ශකය සියයට 7කින් පමණ පහත වැටුණා.
ජපානය, හොංකොං සහ චීනය ඇතුළු ආසියාතික කොටස් දර්ශක ද අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කරනවා.
ඊට පෙර බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල ද කොටස් මිල ද පහත වැටීමක් දක්නට ලැබුණා.
Share This Article