මෝටර් රථයක් බොල්ගොඩ ගඟට පෙරළී කාන්තාවක් මිය යයි
Friday, 12 June 2020 - 11:36 | Views - 1,759
පානදුර හිරණ ප්රදේශයේදී බොල්ගොඩ ගඟට මෝටර් රථයක් ඇද වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම කාන්තාව තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයේ ගතකරමින් සිටින අතරතුර එක්වරම එය ගඟට වැටී ඇති බවටයි වාර්තාවන්නේ.
ඊයේ රාත්රී 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article