නිදහස් චතුරශ්ර ආසන්නයේදී මියගිය පුද්ගලයා වෙඩිතබාගෙන දැයි සැක- [Video]
Friday, 12 June 2020 - 11:21 | Views - 1,035
කොළඹ නිදහස් චතුරශ්ර ආසන්නයේ දී අද මියගොස් සිටි පුද්ගලයා බම්බලපිටිය පොලිස් පාර්ක් ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 64 හැවිරිදි අයෙකු බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
ඔහු වෙඩි තබාගෙන මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
ඔහුගේ සිරුරට යටවී පිස්තෝලයක් තිබු බවද පොලිසිය සඳහන් කළා.
ඔහු මියයාමට පෙර ලිපියක් ලියා තබා ඇති බවටද පොලිසියට තොරතුරු වාර්තා වී ඇති අතර.
එම ලිපිය ඔහුගේ බාල සහෝදරයා විසින් පොලිසියට භාරදීමට නියමිත බවද සඳහන්.
Share This Article