ඉරිදා කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Friday, 12 June 2020 - 11:09 | Views - 748
එළඹෙන ඉරිදා කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව කොළඹ කලාප අංක 02, 03, 07, 08 සහ 10 ප්රදේශවලට පෙරවරු 9 සිට රාත්රී 12 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කොළඹ කොටුව ප්රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article