වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කර, බඩවැල් එළියට අවුත් තිබියදී, බසයෙන් මහමඟට විසිකර දැමූ නරුමයින් හතර දෙනා, එල්ලා මැරීමට පෙර ගත කළ මොහොත ගැන, අලුගෝසුවා හෙළි කරයි
Friday, 12 June 2020 - 10:15 | Views - 7,296
ඉකුත් මාර්තු 20 වැනි සිකුරාදා උදෑසන වීදි වලට අවතීර්ණ වූ ඉන්දිය ජනතාව ජයඝෝෂා නඟමින් සතුට පළකරන්නට වුවා.
 
ඒ නිර්භයා නැමති විසිතුන් හැවිරිදි තරුණිය ඉතා අමානුෂික ලෙස දූෂණය කොට මරණයට පත්කිරීමට සහභාගී වූ අපරාධකරුවන් සතර දෙනා බිහාර් හිරගෙදර එල්ලා මරනු ලැබීම උත්සවාකාරයෙන් සැමරීමටයි..

නිර්භයාගේ ඝාතකයින් සිව්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබුණේ ඉකුත් මාර්තු මස 20 වැනිදා උදෑසන පහයි තිහටයි.
 
ඔවුන් බලාපොරොත්තු වූ ලෙසටම රාජකාරී ලැබූ වේලාවටම බිහාර් සිරගෙදර රාජකාරි කරනු ලැබූ 54 හැවිරිදි පවන් කුමාර් ජල්ලාද් නම් අලුගෝසු නිලධාරියා විසින් නිර්භයා ඝාතනයේ වැරදිකරුවන් වූ තිස් දෙහැවිරිදි මුකේෂ් සිං, විසිපස් හැවිරිදි පවන් ගුප්තා, විසිහය හැවිරිදි විනේ ෂර්මා සහ තිස් එක් හැවිරිදි අක්ෂේ කුමාර් යන සිව්දෙනා එල්ලා මරා දමනු ලැබුවා.
 
පියාගෙන් පුතාට ලැබෙන අලුගෝසු තනතුර භාර ගනිමින් පවන් කුමාර් විසින් සිය ප්‍රථම එල්ලා මැරීම එලෙස සිදු කරනු ලැබුවා.
 
අපරාධකරුවන් එල්ලා මැරීමෙන් පසුව ඉන්දියාවේ සෑම තැනකම උත්සව සංවිධාන කර තිබෙන අයුරු දැකගත හැකිවුණා.
 
ඊට එක්වූ කාන්තාවන් රතිඤ්ඤා දල්වමින්, නොයෙකුත් වර්ණ අහසට වීසි කරමින්, නටමින්, ඔල්වරසන් දෙමින්, මාර්ග දෙපස සතුටු වෙන අයුරු පෙණුනා.
 
මාර්ගවල රාජකාරියේ නියැලුණු පොලිස් නිලධාරින්ට ඇතැම් කාන්තාවන් කැවිලි වලින් සංග්‍රහ කරන්නට වුණා. සමහරු පොලිස් නිලධාරින්ට අතට අත දෙමින් සතුට පළ කරනු ලැබුවා.
 
ඒ ඔවුන් හත් වසරක් තුළ සිරකරගෙන සිටි ප්‍රකෝපය නිදොස් කළ ආකාරයයි.
 
බස් රථයකදී දූෂණයට ලක් වූ නිර්භයාව අතිශය අමානුෂික අයුරින් අතවරයට ලක් කොට තිබූ අතර පුද්ගලයින් සය දෙනෙකු වරින් වර ඇයව දූෂණය කරමින් තිරිසන් සතුටක් ලබා තිබුණා.
 
පසුව ඇය බසයෙන් පිටතට විසි කර ඔවුන් පලාගොස් තිබුණා. අනතුරුව ඇය රෝහල්ගත කර දේශපාලන අංශවල මැදිහත් වීම් තුළ සිංගප්පූරු රෝහලකට ද ඇතුළත් කළ නමුත් අවාසනාවන්ත ලෙස මරු වැළඳගෙන තිබුණා.
 
පසුව ඇගේ ඝාතනය ඉන්දියාව පුරා මහත් කැළඹීමක් ඇති කරනු ලැබුවා.
 
මෝදි ඇතුළු සුපිරි බොලිවුඩ් නළු නිළියන් පවා මේ වෙනුවෙන් හඬ නඟන්නට වුණා.
 
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ අයගෙන් 17 හැවිරිදි අයෙකු බාල අපරාධකරුවෙකු ලෙසින් පුනරුත්ථාපනය සඳහා යවා තිබුණා. ඒ අතරතුරදී රාම්සිං නම් සැකකරු පොලිස් මැදිරිය තුළදී සියදිවි හානිකරගෙන තිබුණා.
 
කෙසේ හෝ වරින් වර ලබා දුන් තීන්දු තීරණ අනුව ඉතිරි සිව් දෙනා එල්ලා මරන්නට අධිකරණය තීන්දු කළා.
 
එදින කොරෝනා උවදුර ද නොතකා බිහාර් භූමිය එකම හිස් ගොඩක් බවට පත්ව තිබුණා.
 
මේ අතර එක් අපරාධකරුවෙකු වන මුකේෂ් සිංට එල්ලා මැරීමට කලින් සිය ඥාතින් අවසන් වරට හමුවීමට ඉඩ සලසා තිබුණා. එමෙන්ම ඔහු කැමති ආහාරයක් ගැනීමටත් ඉඩකඩ සලසා තිබුණා.
 
රොටි, සබ්සි පරිප්පු හා බත් ඔහුගේ අවසන් කෑම වේලයි, ඔහු ආහාර ගත්තද පවන් හා අක්ෂේ ආහාර ප්‍රතික්ෂේප කර තිබුණා.
 
එල්ලා මැරීමට පෙර රාත්‍රීයේ කිසිවෙකුත් නිදා නොගත් බවත් සියල්ලන්ම සිටියේ අවුල් වූ මනසකින් මෙන්ම කලබලකාරී හැසිරීමකින් බව බන්ධනාගාර නිලධාරින් මාධ්‍යයට සඳහන් කර තිබුණා.
 
සිකුරාදා (20) උදේ පාන්දර හතරට පමණ ඔවුන්ට ස්නානය කරන ලෙස දන්වා සිටි නමුත් ඔවුන් දිය නෑම ද ප්‍රතික්ෂේප කර තිබුණා. ඉන්පසු ඔවුන්ගේ අවසන් කැමැත්ත කුමක්දැයි නිලධාරින් විමසනු ලැබුවා.
 
ඔවුන්ට යම් දේපලක් පැවරීමට හෝ දන්දීමට අවශ්‍ය දැයි නිලධාරින් විමසූ නමුත් ඔවුන් කිසිවෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
 
ඉන්පසු බිහාර සිරමැදිරියේ අධිපති විසින් සිරගෙදර සිටින සෙසු සිරකරුවන් සියලු දෙනා ඔවුන්ගේ සිරමැදිරිවල දමා වසා දමන්නට පියවර ගත් අතර එල්ලා මැරීමක් සිදුවන විට එය සාමාන්‍ය සම්ප්‍රදායක් වනවා.
 
උදේ පහට පමණ උදේ ආහාරය සඳහා ඔවුන් මැදරිවලින් එළියට ගෙන යනු ලැබුවේ නියෝජ්‍ය පාලකවරයා විසිනුයි. ඊට ආරක්ෂක නිලධාරින් හය දෙනෙක්ද සම්බන්ධ වුණා.
 
පසුව පෝරකය අසල සිටි දිල්ලි මහේස්ත්‍රාත්වරයා වෙත එල්ල මැරීමේ වරෙන්තුව ඉදිරිපත් කරනු ලැබූ අතර මහේස්ත්‍රාත්වරයා විසින් එය අනුමත කරමින් අත්සන් කරනු ලැබුවා.
 
පෝරකය අසළ මහේස්ත්‍රාත්වරයාත් බිහාර සිරගෙදර අධිපති, හා ජ්‍යෙෂ්ඨ අධිපතිවරුන්ද එම සිරගෙදර සේවය කරන වෛද්‍යවරයාද සිටි අතර එල්ලා මැරීමට නියමිත සිව් දෙනා පෝරකය මත නංවා ඔවුන්ගේ දෑස් වැසෙන ලෙස රෙදි තොප්පි බැඳ තිබෙනවා.
 
සිව්දෙනාම එකවර එල්ලා මැරීමට සිදුකරනු ලැබූ බව ප්‍රකාශ කර තිබූ අතර ඔවුන්ගේ එක් අයෙක් පෝරකය මතට ගොඩ වීමට අකැමැත්ත පළ කරමින් කලබල කළ බවද පැවසෙනවා.
 
5.20ට පමණ සියලු දෙනා එල්ලා මරණ තැනට ගෙන ගොස් ගෙලට දමනු ලබන ලණුව එල්ලා මැරීමට නියමිත ස්ථානයට යොමු කර තිබෙනවා.
 
ඉන්පසුව අලුගෝසු නිලධාරියා විසින් ඔවුන්ගේ දෙපා එකට බැඳ තැබීමත් දෑත් පිටුපසට තබා බැඳ තැබීමත් සිදු කරනු ලාබුවා. පසුව ගෙලට දමා ඇති තොණ්ඩුව දමා එය හරිහැටි සවි වී ඇත්දැයි පරීක්ෂා කරනු ලැබ තිබෙනවා.
 
අලුයම පහයි තිහට සිරගෙදර අධිපති විසින් දුන් සංඥාව අනුව අලුගෝසු නිලධාරින් පවන් කුමාර් විසින් ලීවරය ඇදීමත් සමඟ සිව්දෙනාම සිටගෙන සිටි යටි දොර විවෘත වී එකවරම තොණ්ඩුවලින් එල්ලෙන්නට වූ අතර එසේ පැය පැය භාගයක් පමණ තොණ්ඩුවෙන් එල්ලි තිබූ පසු වෙවද්‍යවරයා විසින් එම සිරුරවලින් ප්‍රාණය ඉවත්ව ඇති බව සහතික කිරීමෙන් අනතුරුව සිරුරු පහතට ගනු ලැබුවා.
 
මෙම එල්ලා මැරීම නැරඹීමට මෙම සිව් දෙනාගේ කිසිම ඥාතියෙකුට අවසර නොලැබීම ද විශේෂත්වයක්..
 
උදෑසන හයයි විනාඩි පහට පහතට ගත් සිරුරු ප්‍රදේශයේ පොලිස් නිලධාරින් විසින් ගිලන් රථයක් යොදාගෙන ඩීන් දයාල් රෝහලට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් පස් දෙනෙක් කරන ලද මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතින්ට සිරුරු භාර දෙනු ලැබුවා.
 
ඔවුන්ගේ ඇඳුම්, සිරගෙදරදී ඔවුන් හම්බකළ මුදල්ද ඥාතින්ට ලබා දුන්නා. මේ අතර මුකේෂ් සිං එල්ලා මැරීම පෙර ඔහුගේ ඉන්ද්‍රියයන් දන්දීමට කැමැත්ත පළ කර තිබුණා.
 
නිර්භයා නොහොත් ජෝති සිංගේ මෑණියන් වන ආශා දේවී මෙම එල්ලා මැරීමෙන් අනතුරුව, "අපි සියලු දෙනාම කලක් තිස්සේ මේ දිනය එනතුරු බලා සිටියා. අද ඉන්දියාවේ සියලුම දියණිවරුන්ට නව උදාවක් ඇති වුණා. අද ඒ තිරිසනුන් හතර දෙනා මෙලොවින් තුරන් කර දැම්මා." යනුවෙන් පැවසූයේ ඇගේ දියණියගේ ඡායාරූපයක්ද වැළඳගෙනයි.
 
බඩවැල් එළියට අවුත් තිබියදී බසයෙන් මහමඟට විසිකර දමා ගිය මරණය අභියස සිටි ඇය තමාට මෙම අපරාධය කළ අය හඳුනා ගන්නා තුරු ජීවිත්ව සිටි නිසා ඇයට "නිර්භයා" (බය නැති) යන නම හැම අතින්ම ගැළපෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
පසු සටහන -
 
නිර්භයාගේ ඝාතනය සිදු කළ අය එල්ලා මැරීම පැවරුණේ පවන් කුමාර් ජල්ලාද් නම් අලුගෝසුවාටයි.
 
පනස් හතරවියේ පසුවන ඔහු මෙම තනතුරට ආවේ පිය උරුමයෙන්. ඔහුගේ සීයාද මුලින්ම මේ තනතුර හොබවා තිබෙනවා.
 
1988 දී මිනීමරුවන් වූ සහෝදරයින් දෙදෙනෙකු මරා දැමීමට ඔහු තම සීයාට සහය වී තිබෙනවා.
 
ඔහුගේ වාසගම වන ජල්ලාද් යන්න ඔහුගේ වෘත්තියටම ගැළපෙන එකක් වූ අතර එහි තේරුම අලුගෝසුවා, වධකයා යන්නයි.
 
ඔහුගේ සීයා වන කල්ලු රාම් එල්ලා මැරීම් 15ක් සිදු කර තිබෙන අතර පවන්ගේ පියා විසින් සිදු කර ඇත්තේ එල්ලා මැරීම් දෙකක් පමණයි.
 
නිර්භයාගේ අපරාධකරුවන් එල්ලා මැරීමට පෙර පවන් කුමාර්ට එක් එල්ලා මැරීමක් සිදුකිරීමට අවස්ථාව හිමි වූ නමුත් ශේෂ්ඨාධිකරණය විසින් විත්ති කරුවාට පොදු සමාවක් දීම නිසා එය මඟ හැරී ගිය බව වාර්තා වනවා.
 
පවන් කුමාර් විසින් සිදුකරනු ලබන පළමු ක්‍රියාව නිර්භයාගේ අපරාධකරුවන්ට මරණය ළඟා කර දීමයි.
 
නිර්භයා සිද්ධියේ අපරාධකරුවන් එල්ලා මැරීම තමා ආශාවකින් සිදු නොකළ බවත් පවසන හෙතෙම එය තමාගේ වෘත්තියේ කොටසක් පමණක් බව සඳහන් කළා.
 
රෝහණ ආර්යරත්න


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top