සෙල්ලම් කරමින් සිටි අවුරුදු 11 දරුවා ගෙවත්තේම ළිඳට වැටී මිය ගිහින්
Friday, 12 June 2020 - 10:05 | Views - 1,076
මුලතිව් දේවීපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු එකොළහක පාසල් සිසුවෙකු ඔවුන්ගේම ගෙවත්තේ ළිදකට වැටී ඊයේ (11)  සවස මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් දේවීපුරම් වලිපුනම් විද්‍යාලයේ ඉගෙනුම ලබන වඩිවේල් විනූජන් නමැති සිසුවායි.

ඔහු තවත් ළමයින් පිරිසක් සමග හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටියදී ඔහු ළිදට වැටී ඇතත් ඒ බව කිසිවෙකුත් දැන නොසිට ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ වේලාවක් ඔහු අතුරුදහන් නිසා ඔහු ගැන සොයා බලන විට සිසුවා ළිදට වැටී මියගොස් සිටි බව අසල්වාසීන්ට දැක ගැනීමට ලැබී තිබෙනවා.

වහාම ඔහුව ළිදෙන් ගොඩගෙන මුලතිව් පුදුකුඩීඉරිප්පු රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇති අතර මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.



වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top