සුරූපී තමාෂා, සිය සැමියා වූ අශේන් එක්ක පදමට මත්වී ජීවිතේ වරද්දගත්තු හැටි, පියවරෙන් පියවර හෙළි කරයි
Friday, 12 June 2020 - 9:04 | Views - 1,114
සමාජ සංස්ථා ගොඩ නැඟී මනුෂ්‍යයා සමාජානුයෝජනය වීමේදී විවිධ මානසික හේතු මුල් කරගෙන ගැහැණුන් සහ පිරිමින්, සාමාන්‍ය ලෙස විවිධ දේ සඳහා ඇබ්බැහි වනවා.
 
මනුෂ්‍යයාගේ මැදිහත් වීමෙන් මත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, මානව සංසකෘතියට එකතු කරගත් දා සිටම නූතන සමාජය දක්වා විකාශය වීම අතරතුර, විවිධ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් භාවිතා කොට තිබෙනවා.
 
විවිධ සමාජ ස්ථරවල විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිසුන් තම නීරෝගීභාවයට පමණක් නොව සමස්ථ මානව සමාජයට ද අභියෝග කොට එය දරුණු සමාජ ඛේදවාචකයක් බවට ද පත් කරගත්තා.

අද වන විට ලෝකය පුරා හෙරොයින්, කොකේන්, එල්එස්ඩී, ටැබ්ලඩ්, අයිස්, ගංජා යන එකී නොකී මත්ද්‍රව්‍ය මානව සමාජය පුරා ව්‍යාප්තව ඇති අතර ඉන් නිරාවරණය වීමම අභියෝගයක්........
 
විවිධ ඇබ්බැහි වීම් බහුල ලෝකයේ මතින් මත් නොවී සිටින නීරෝගී මානවයින් බිහි කිරීමට අපි කැපවෙමු.
 
"උමතු" යනු මතට ඇබ්බැහි වූවන් ගැන ඔබට කියන මුළු මහත් සමාජයම දැනුවත් කිරීම සඳහා වන හිරුටීවී ඔස්සේ විකාශය වූ නාට්‍යයක්..
 
මේ එහි 33 වන දිගහැරුමයි...
 
ප්‍රශ්න කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්.. මොන තරාතිරකම වුණත් ඒ කියන ප්‍රශ්න-වලට උත්තර හොයන එක අමාරු වැඩක්..
 
සමහර වෙලාවට ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් උත්තර දාර්ශනිකයි..
 
එහෙම වෙලාවක ජීවිතේ අමුතු හෝරාවක සුන්දර සිහින ලෝකෙක ජීවත් වෙච්ච ජීවිතේ වරද්දගත්ත පුංචි සුරංගනාවියකගේ තිත්ත ඇත්ත කතාවයි මේ..
 
ඇගේ නම තමාෂා.. ඇය හිටියේ මීගමුවේ.. සල්ලිවලින් අඩු ලුහුඬුකම් නොවුණු තමාෂාගේ තාත්තා ව්‍යාපාරිකයෙක්.
 
ඒත් පුංචි කාලේ ඈ දෑහින් දැක්ක දේවල් නම් ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. තමාෂාගේ අම්මයි තාත්තයි දෙන්නම අනියම් සම්බන්ධතාවල පැටලිලා හිටියා...
 
ගෙදර වැඩට හිටිය කාන්තිට වඩාත් සමීප තමාෂා ඇගේ මවගේ ඥාති සහෝදරියක් එක්ක පාටිවලට යන්න පුරුදු වුණේ ඔය අතරතුරයි.. මුලින්ම සිගරැට්වලට පුරුදු වුණු තමාෂා ටිකෙන් ටික මත්පෙතිවලටත් ඇබ්බැහි වෙන්න ගත්තා.
 
මේ "ටැබ්ලට්" එක නිසාම තමාෂාගේ ජීවිතේ විනාශ වේවී කියලා ඇය හීනෙකින්වත් නොහිතන්න ඇති..
 
තමාෂාගේ අත ගන්න අනාගත සහකරුවාගේ නම අශේන්. මුලින් අහිංසක තැන්පත් එකෙකු හැටියට පෙනී ඉන්න අශේන්, තමාෂාටත් වඩා මතට ඇබ්බැහි වෙච්ච කෙනෙක් බව දැනගන්න තමාෂාට ටික කාලයක් ගත වෙනවා.
 
අන්තිමේදී මේ දෙන්නම එකට ඒ දේට පුරුදු පුහුණු වුණා. වෙඩින් එක ජයටම අරගෙන.. ඊට පස්සෙත් මේ දෙන්නාගේ ඒ දඩබ්බර ජීවිතේට නැවතුමක් තිබුණේ නැහැ..
 
ඉතින්.. මේ හැමදේම වෙනස් වෙන්නේ අශේන්ගේ යාළුවා විකුම් එක දවසක් පාටි එකකට තමාෂායි අශේනුයි වෙනම ඉන්න ගෙදරට ආවට පස්සෙයි.. විකුම් එන්නේ විකුම්ගේ බිරිඳ සංජුත් එක්ක..
 
එදා මත් පෙති තරමටත් වඩා ගත්ත තමාෂාට සිද්ධ වෙන දේවල් මතකයේ තිබුණේ නැහැ.

ඒත්.. ඇය ඇහැරෙද්දි.. ඇගේ ආදරණීය සහකරුවා විකුම්ගේ බිරිඳ එක්ක යහන්ගත වෙලා ඉන්නවා ඇය දෑහින්ම දැක ගන්නවා.
 
මේ ඇගේ ඒ වේදනාබර අතීත කතාවෙන් බිඳක්..
 
මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ඔවුන් උරුමකරගත් ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට උරුම නොවීමට නම් මේ හෝරාව දෙස අවනත නැති හිත්අවනත කරවාගෙන මත් නැති නෙතින් නිවැරදි සිහියෙන් යුතුව දෑස් හැර බලන්න..
 
මතින් මත් නොවුණු පිණිසයි....!!
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top