රටේම අවධානය යොමු වූ, ජපුර සරසවියේදී ටයර් අනතුරකට ලක් වූ පසිඳු හිරුශාන් සිසුවාගේ දැන් තත්ත්වය
හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගතකර සිටි පසිඳු හිරුෂාන් ඊයේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ පසිඳු ටයරයක් හිස මතට වැටීම හේතුවෙන් මෙලෙස ජාතික රෝහලේ මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබුවා.
මේ වනවිට එම සිසුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔහු සුවය ලබා නිවසට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.