මගීන් දැඩි අපහසුතාවයට පත්වන ලොරි චැසි බස් යුගය නිම කරන්න රජය ගන්න යන විශේෂ තීරණය
Thursday, 11 June 2020 - 20:18 | Views - 361
මගී ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන බස්රථ වෙනුවට ජනතාවට වඩා යෝග්‍ය බස්රථ මෙරටට ගෙන්වීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සුවපහසු ලෙස මගීන්ට ගමන්කළ හැකි බස්රථ ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමේදී සළකා බැලිය යුතු පිරිවිතරයන් සහ නිර්ණායක සකස් කිරීම සඳහා පත්කර ඇති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කරුණු තවදුරටත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවකට අද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අනුකාරක සභාවට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා , කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලත් වනවා.

මෙහිදී වැඩිදුරටත් සඳහන් වූයේ මේ වනවිට ලංගම සහ පෞද්ගලික මගී ප්‍රවාහන සේවය සඳහා දැනට ශ්‍රී ලංකාවේ බස්රථ 26985ක් ඇති බවයි.

මෙම බස්රථ බොහෝ ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා සකසන ලද ලොරි චැසි බස් රථ බවයි සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් රථයේ තිරිංග යෙදූ විට එහි ගමන්ගන්නා මගීන් මහත් අපහසුතාවයකට පත්වන බවයි මේ වනවිට නිරීක්ෂණය වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top