අගමැති මහින්දට, තැපෑලෙන් රුපියල් 5000 ක් (ඡායාරූප)
Thursday, 11 June 2020 - 20:04 | Views - 217
රුපියල් 5000 ක නෝට්ටුවක් ඇතුළත් කළ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත, ලැබී තිබෙනවා.

එය එවා තිබුණේ පොළොන්නරුව - මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි වියේ පසුවන එස්.බී.හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක්.

‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන් කර ඊයේ අරලියගහ මන්දිරයට ලැබුණු අදාළ ලිපිය ආරක්ෂක නිලධාරින් විසින් අග්‍රාමාත්‍යවරයා අතට ගෙනවිත් භාර දී තිබෙනවා.

එහි ලිපියක් මෙන්ම, රුපියල් 5000 ක නෝට්ටුවක් ද තිබී ඇති අතර, අදාළ ලිපියේ මෙලෙස සටහන්ව තිබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

‘‘මම දැනට 86 වැනි වියේ පසුවන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජිවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත්, කොරෝනා අරමුදලට මේ මස රුපියල් 5000 බැර කර මම ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ කළ උදව් උපකාර අමතක නොකරමි.’’

ඒ අනුව, ලිපිය කියවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැදිරිගිරියේ සිට රුපියල් 5000 එවූ හිටපු ගම්සභික එස්.බී. හේවාහැට අතින් එම මුදල ජනාධිපතිවරයා අතට පත් කිරීමට තීරණය කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දා, එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top